මග මඟ තිබී බිළිඳු මළ සිරුරක් හමු වෙයි
Sri Lanka Police
Crime
Law and Order
By Shehan
සන්දවේලි පොලිස් බල ප්‍රදේශයට අයත් දේවපුරම් ක්‍රීඩාංගනය ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක තුළ අලුත උපන්, හඳුනා නොගත් බිළිඳෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇත.
සන්දවේලි පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (15) දිනයේදී හමු වූ මෙම බිළිඳු මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති බව පොලීසිය සඳහන් කරයි.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
