උගන්ඩාවෙ සල්ලි ගේනවා කියපු නංගි හරි හොඳා අපිත් එක්ක ඔෆිස් ඉද්දි පස්සේ අනුර නිසා වෙනස් වුණා - සංජීව එදිරිමාන්න

Report

පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් දේශපාලන වේදිකාව තුළ නිරන්තරයෙන්ම හඬ නගන සංජීව එදිරිමාන්න ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන නිලන්ති කොට්හච්චි සම්බන්ධයෙන් යම් කිසි ප්‍රකාශයක් සිදු කරනවා.

අඳුර ගන්න බැරි තරම් විකෘතිව හමුවූ යාචකයාගේ ඝාතනය ගැන පුදුම හිතෙන විස්තර ගොඩක් එළියට

අඳුර ගන්න බැරි තරම් විකෘතිව හමුවූ යාචකයාගේ ඝාතනය ගැන පුදුම හිතෙන විස්තර ගොඩක් එළියට

ඔවුන් මාධ්‍ය ක්ෂේත්‍රයේ එකට වැඩ කරපු පුද්ගලයන්.මේ වන විට දේශපාලනය නිසා තමයි මේ විදිහට දෙපැත්තෙ ඉන්නෙ.ඉතින් පවතින රජයේ ක්‍රියා කලාපය සහ ඇය ඇයගේ රජය බලයට පත් කිරීමට ප්‍රථම මහින්ද රාජපක්ෂලා උගන්ඩාවෙව් සල්ලි හංගලා තියෙනවා කියූ ප්‍රකාශයත් මතක් කරමින් සංජීව කීවේ මේ වගේ කතාවක්,

"අදින් පස්සේ නිදහස් කොල්ලෙක් තමයි"- උසාවියෙන් යන ගමන් හරක් කටා කිව්ව දේ

"අදින් පස්සේ නිදහස් කොල්ලෙක් තමයි"- උසාවියෙන් යන ගමන් හරක් කටා කිව්ව දේ

"මිනිස්සු උගන්නාවූ සල්ලි ගැනත් අහනවා. කෝ දැන් ගෙනාවද කියලා අහනවා.ඒ නංගි හරි හොඳයි. අපිත් එක්ක ඔෆිස් එකේ ඉන්න කාලේ. එයත් අවුල් වුනා අනුර කුමාර මහත්තයාගේ කඳවුරට ගියාට පස්සේ. අද උදේ නැන්දා කෙනෙක්ගෙන් අපි අහපුවහම කාටද දුන්නේ කියලා මාලිමාවට කිව්වා.

ඇයි කියලා අහපුහාම කොහෙද සල්ලි වගයක් තියෙනවා ඒක ගෙනල්ලා අපිව පෝසත් කරන්නම් කියපු නිසාලු දුන්නේ. මිනිහෙක්ට එහෙම දෙයක් හිතෙන එක වෙන්න පුළුවන්.වෙළඳ ප්‍රචාරක උපක්‍රමයක් තමයි මේ විදිහට ජාතික ජන බලවේගය භාවිතා කරේ.

ඒ කියන කතාව පිළිගන්න හිතන විදිහටම ඒගොල්ලො කිව්වා.ඒකට රැවටුනා නෙමෙයි ඒක විශ්වාස කරා.ඒ විශ්වාසය බිඳපු මනුස්සයෙක් ගැන ඇතිවන තරහා අපි මේ ආණ්ඩුව ගැන ඇති කරගත යුතු නැද්ද කියලා මම අහන්න කැමතියි."

යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් ඉදිරිපත් කළේය.

විමල් වීරවංශ ඇතුළු 06කට එරෙහි නඩුවකට දින නියම වෙයි

විමල් වීරවංශ ඇතුළු 06කට එරෙහි නඩුවකට දින නියම වෙයි