ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් වාර්තාව ගැන රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Report

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය සතියේදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, එම වාර්තාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.

දේශපාලන කතිකාවක් නෙවයි... අල්ජෙසිරා මතු කල ප්‍රශ්නයක්....බටලන්ද ගැන කියයි (VIDEO )

දේශපාලන කතිකාවක් නෙවයි... අල්ජෙසිරා මතු කල ප්‍රශ්නයක්....බටලන්ද ගැන කියයි (VIDEO )

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරියේදී බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර ඇති බවත්, ඒ සඳහා උපදෙස් හා යෝජනා ලබාදීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්ය.

මෙම වාර්තාව හරහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද චෝදනා එල්ල වී ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පෙන්වා දුන්නේය.

පැය 48 කට තැපෑල නැහැ .... හදිසි තීරණයක්

පැය 48 කට තැපෑල නැහැ .... හදිසි තීරණයක්

ඒ අනුව තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

Gallery