ආපදා තත්ත්වය හේතුවෙන් තායිලන්තයේ සිව්දෙනෙකු ජිවිතක්ෂයට...
By Parami Dissanayake
තායිලන්තයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම, තවත් 20 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.
දින කිහිපයක සිට පතිත වන අධික වර්ෂාපතනය හේතුවෙන් එරට ප්‍රදේශ රැසක දරුණු ජල ගැලීම් සහ නාය යාම් තත්ත්වයන් වාර්තා වී ඇති බව ද වාර්තා වේ.
ආපදා තත්ත්වය නිසා නිවාස 14,328කට හානි සිදුව ඇති අතර පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.