නේපාලයේ විරෝධතා මැද පැනපු සිරකරුවෝ 7500ක් දක්වා ඉහළට, ජනතාවට ප්‍රවේශම් වන මෙන් නිවේදන

Report

නේපාලයේ මතුවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් එරට පුරා බන්ධනාගාරවලින් සිරකරුවන් 7,500 කට වඩා පැනගොස් ඇති බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග අනුව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ ඩිලිබසාර් බන්ධනාගාරය (1,100), චිත්වාන් (700), නක්ඛු (1,200), සන්සාරි හි ජුම්ප්කා (1,575), කාංචන්පූර් (450), කයිලාලි (612), ජලේෂ්වර් (576), කස්කි (773), ඩැං (124), ජුම්ලා (36), සොලුකුඹු (86), ගෞර් (260) සහ බජ්හැං (65) ලෙස සිරකරුවන් විශාල ප්‍රමාණයක් මෙසේ පලාගොස් ඇති බවයි.

ගැටුම් උණුසුම අස්සෙන් බන්ධනාගාර රැදවියන් 900ක් පැනලා ගිහින්

ගැටුම් උණුසුම අස්සෙන් බන්ධනාගාර රැදවියන් 900ක් පැනලා ගිහින්

මේ අතර නේපාල මාධ්‍යවේදී ගිරිෂ් ගිරි නැමැත්තා පවසා ඇත්තේ නේපාලයේ ප්‍රචණ්ඩත්වය ඇති වී දින දෙකකට පසුව ඇති වූ නොසන්සුන්තාවයන් ප්‍රයෝජන ගනිමින්, මෙසේ රට පුරා විවිධ බන්ධනාගාරවලින් සිරකරුවන් පැන ගොස් ඇති බවයි.

එසේම ඔහු තවදුරටත් කියා ඇත්තේ සමාජ මාධ්‍ය තහනමට සහ රජයේ දූෂණයට විරුද්ධව පැතිර යන කළහකාරී තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් බන්ධනාගාර හතකින් මෙසේ සිරකරුවන් පැන ගොස් තිබෙන බවයි.

මේ තත්ත්වය මත අද (10) දින උදෑසන සිට සාමය නැවත ස්ථාපිත කිරීමට හමුදාව මඟින් තහනම් නියෝග පනවා තිබූ අතර රට පුරා ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කර ඇත.

එසේම ගිරිෂ් ගිරිට අනුව දඩෙල්ධුරා හි දිස්ත්‍රික් බන්ධනාගාරයේ සිරකරුවන් 26 දෙනෙකු හමුදාවමඟින් අත්අඩංගුවට ගෙන ඇත.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

තවද කත්මණ්ඩු හි ඩිලිබසාර් හි මධ්‍යම බන්ධනාගාරයෙන් පැන යාමට උත්සාහ කළ සෙසු සිරකරුවන් පැනයාම හමුදාවෙන් වළක්වා ඇති බව ද වාර්තා වේ.

එසේම ආරක්ෂාව භාර ගැනීමෙන් අනතුරුව නේපාල හමුදාව වීදිවල මුර සංචාරයේ යෙදෙන අතරතුර, ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ නියෝග නිකුත් කරමින් නොසන්සුන් තත්ත්වය පාලනය කරමින් සිටින බව ද සඳහන් කර ඇත.

“දිලිබසාර් බන්ධනාගාරයේ සිරකරුවන් විශාල සංඛ්‍යාවක් බන්ධනාගාරයෙන් පැනයාමට උත්සහා කරද්දී කත්මණ්ඩු හි හමුදා නිලධාරීන් විසින් අත් අඩංගුවට අර ගත්තා. පොලිස් නිලධාරීන්ට තත්ත්වය පාලනය කරන්නට බැරි වුණ නිසා මේ වනවිට හමුදාව කැඳවා තිබෙනවා” යනුවෙන්.

ඊට අමතරව ගිරි කියා ඇත්තේ පැනගිය සිරකරුවන් යළි අල්ලා ගැනීමට නේපාල හමුදාව ඇතුළු ආරක්ෂක හමුදා රට පුරා යොදවා ඇති බවයි.

එසේම හමුදාව විසින් ජනතාවගෙන් ප්‍රවේශම් සහගතව සිටින ලෙස ද පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව සඳහන්.

මේ අතර ප්‍රචණ්ඩ විරෝධතා හමුවේ වසා දමා තිබූ ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින යළි විවෘත කළ බවද ඔහු පවසා ඇත.

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්