නයිජීරියාවේ බිහිසුණු බෝට්ටු අනතුරක්, 60 දෙනෙක් ජීවිතක්ෂයට
By Kaushi
උතුරුදිග නයිජීරියාවේ ගංගාවක මගී ප්‍රවාහන යාත්‍රාවක් පෙරළී යාමෙන් දරුණු අනතුරක් සිදුව ඇත.
ඒ අනුව එරට වාර්තා සඳහන් කළේ අනතුරින් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙම අනතුර ගංගාවේ ගිලී තිබූ ගසක කොටසක ගැටී සිදුව ඇති අතර ඒ වන විටත් යාත්‍රාවේ ධාරිතාව ඉක්මවා සියයකට වැඩි මගීන් පිරිසක් එහි යාත්‍රා කරමින් සිට ඇත.
එමෙන්ම අනතුරින් මියගිය පිරිස අතර ළමුන්ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ගංගාවේ ගිලෙමින් සිටි කිහිප දෙනෙකු බේරා ගැනීමට බලධාරීන්ට හැකිව තිබූ අතර අනතුරින් අතුරුදන් පිරිස් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක බව සඳහන්.