යට වුණු ළමයි 59 දෙනා දැන් මැරිලා ඇති, හොයලා වැඩක් නෑ කියලා බලධාරීන් මළ සිරුරු හොයන්න සැරසෙයි

Report

ලොවක් කම්පනයට පත් කරමින් ඉන්දුනීසියාවේ කඩා වැටුණු ඉස්ලාමීය නේවාසිකාගාර පාසලක සුන්බුන් යට සිරවී සිටින 59 දෙනෙක් පිළිබඳව ජීවත්වන බවට කිසිදු සලකුණු නැති බව මුදවාගැනීමේ කණ්ඩායම් සඳහන් කර ඇත.

ඒ අනුව ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය අද දින තර්මල් ඩ්‍රෝන යානා යොදා ගනිමින් කළ සෝදිසි මෙහෙයුම් මගින් සුන්බුන් අතරින් ජීවයේ සලකුණු හඳුනා ගැනීමට නොහැකි වූ බව පැවසුවා.

එමෙන්ම ඉන්දුනීසියාවේ ජාතික ආපදා කළමනාකරණ ඒජන්සියේ ප්‍රධානී සුහාරියන්තෝ පැවති මාධ්‍ය හමුවකදී එම ස්ථානයේ ජීවත්වන බවට කිසිදු සලකුණු සොයා ගැනීමට නොහැකිව ඇති බවට තහවුරු කර ඇත.

ඉන්දුනීසියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී බිහිසුණු අනතුරක්, සිසුන් 65ක් පැය 12ක ඉඳන් සිරවෙලා

ඉන්දුනීසියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී බිහිසුණු අනතුරක්, සිසුන් 65ක් පැය 12ක ඉඳන් සිරවෙලා

එනිසා අතුරුදහන් වූ සිසුන් දුසිම් ගණනක් පිළිබඳ බලාපොරොත්තු දැන් වේදනාවක් බවට පත්ව ඇත.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ බලධාරීන්ගේ අවධානය මේ වන විට සිසුන් මුදාගැනීමේ සිට සිරුරු සෙවීමේ කටයුතු වෙත මාරු වී ඇති බවයි.

පසුගිය සඳුදා දින අල්-කොසිනිඉස්ලාමීය නේවාසිකාගාර පාසල් ගොඩනැගිල්ල කඩා වැටෙන විට සිසුන් සිය ගණනක් සිට තිබුණේ දෙවියන් යදිමින්. එසේම ඔවුන්ගෙන් බහුතරය යෞවන පිරිමි ළමයින් බව ද සඳහන්.

එහිදී එම අනතුරෙන් අවම ලෙස සිසුන් පස් දෙනෙකු මිය ගොස් සියයක් පමණ තුවාල ලබා ඇති බව නිලධාරීන් ප්‍රකාශ කළා.

එමෙන්ම මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ දා සිට පුද්ගලයන් 13ක් සුන්බුන් අතරින් ගලවාගෙන තිබුණු බව වාර්තා වුණා. අනතුරුව ඉන් දෙදෙනෙකු රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මේ අතර ගොඩනැගිල්ලේ අස්ථාවර ව්‍යුහය නිසා මුදාගැනීමේ මෙහෙයුම් අභියෝගාත්මක වූ අතර අතර දින කිහිපයකට පසු අද දින මෙහෙයුම් අවසන් කර ඇත.

ඒ අනුව නිලධාරීන් සඳහන් කළේ ඉදිකිරීම් සේවකයින් ගොඩනැගිල්ලේ හතරවන මහලේ කොන්ක්‍රීට් දමමින් සිටින අතරවාරයේදී මෙම කඩා වැටීම සිදු ව ඇති බවයි.

තවත් ඛේදවාචකයේ මරණ 69යි - භීතියට පත් ජනතාව ගෙවල් හැර පලා යයි

තවත් ඛේදවාචකයේ මරණ 69යි - භීතියට පත් ජනතාව ගෙවල් හැර පලා යයි

තවද මාධ්‍ය වාර්තා කළේ සිද්ධිය වූ ස්ථානයෙන් මීටර් සිය ගණනක් ඈතට වුවද, දිරාපත් වන සිරුරුවල දුගඳ දැඩිව දැනෙමින් තිබෙන බවයි.

එමෙන්ම ජීවත්ව සිටින පුද්ගලයන්ට හානි වේ යැයි යන බිය නිසා මෙතෙක් සුන්බුන් ඉවත් කිරීමට බැකහෝ වැනි යන්ත්‍රෝපකරණ යොදා ගැනීමෙන් වැළකී සිටියද බලධාරීන් මේ වන විට සිරුරු සෙවීමේ කටයුතු සඳහා සහාය වීමට බර යන්ත්‍රෝපකරණ ගෙන්වා ගැනීමට නියමිතව ඇති බව පවසයි.

මේ අතර සඳුදා ගොඩනැගිල්ල කඩා වැටීමෙන් අනතුරුව එම ස්ථානයේම සිටිමින්, එතැනම නිදාගෙන සිටි පවුලේ සාමාජිකයින්, තම ආදරණීයයන් හඳුනා ගැනීමේ බලාපොරොත්තුවෙන් බ්‍රහස්පතින්දා දින DNA සාම්පල ලබා දීමට පෝලිම් ගැසී සිටි බව වාර්තා වුණා.

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට