ඉන්දුනීසියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී බිහිසුණු අනතුරක්, සිසුන් 65ක් පැය 12ක ඉඳන් සිරවෙලා
ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවාහි සිදුඅර්ජෝ ප්‍රදේශයේ පිහිටි පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පාසලේ සිසුන් 65කට අධික පිරිසක් සිරවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව පැය 12ක කාලයක් තිස්සේ ඔවුන් මෙසේ සිරවී සිටින අතර හදිසි ආපදා කණ්ඩායම් සිසුන් ගලවාගැනීමේ මෙහෙයුම්වල නිරත වන බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
මේ අතර කොන්ක්‍රීට් තට්ටුවලට යටවූ පිරිසට ඔක්සිජන් සහ ජලය සැපයීම දැනටමත් සිදුකරමින් පවතින බව ද වාර්තා වේ.
එසේම අවම වශයෙන් එක් අයකු හෝ ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක පළ කරයි.
කෙසේ වුවද මෙතෙක් අනතුරින් මියගිය හෝ තුවාල වූ ගණන නිල ලෙස වාර්තා වී නැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.