විශ්‍රාම වැටුප අහෝසි කළොත් ජීවත් වෙන්න විදිහක් නෑ, එකපාර මන්ත්‍රීවරු 500ක් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි

Report

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට හැකි වන පරිදි අදාළ පනත් සංශෝධනය කර නව පනත් කෙටුම්පත් දෙකක් සකස් කිරීම වෙනුවෙන් ඉකුත්දා ඇමති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් විශ්‍රාමික මන්ත්‍රීවරු එකමුතුව මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරහොත් ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට සඳහන් කරයි.

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

මේ අතර මන්ත්‍රීවරුන් පන්සියයකට අධික ප්‍රමාණයක් සාමාජිකත්වය ලබාගෙන ඇති විශ්‍රාමික මන්ත්‍රී එකමුතුව ජිනීවාහි මානව හිමිකම් කොමිසම් සභාවටද ලිපියක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

එමගින් පෙන්වා දී ඇත්තේ බොහොමයක් විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට ජීවත්වීමට වෙනත් ජීවනෝපායක් නැති බවයි.

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

එම පිරිසෙන් බහුතරයක් අසනීප තත්ත්වයන්ගෙන් පසුවන හෙයින් ඔවුන්ට රැකියාවක් හෝ ව්‍යාපාරයක් කිරීමේ හැකියාවක්ද නැති බව පවසයි.

ඒ අනුව දැනට පවතින මූලික අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගැනීමට පවා මෙම විශ්‍රාම වැටුපෙන් අසීරු තත්ත්වයක් බැවින් මෙයද අහෝසි කර දැමීම අසාධාරණ බව ඔවුන් පවසන බව වාර්තා වේ.  

මෙන්න විශේෂ නිවේදනයක්, මේ ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක්

මෙන්න විශේෂ නිවේදනයක්, මේ ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක්