නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 49ට විශේෂ ජනාධිපති සමාවක්
78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව පිරිනමා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත රැඳවියන් හට විශේෂ ජනාධිපති සමාවක් ප්‍රධානය කර ඇති බවයි.
එමෙන්ම පහත සඳහන් පරිදි නියමයන් හා කොන්දේසි යටතේ මෙම විශේෂ ජනාධිපති සමාව සිරකරුවන් හට ප්‍රධානය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ යටතේ බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට සති 01 ක සමාවක් ප්‍රධානය කිරීම ද සිදු වෙයි.
කෙසේ වෙතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ රුපියල් 75,000ට අඩු දඩ මුදල් නොගෙවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම ජනාධිපති සමාව යටතේ සිදුවන බවයි.