වන අලි ගැන ඇහෙන කණගාටුදායක ආරංචියක්
By Kanchana
මෙම වසරේ මේ දක්වා කාලය තුළ වනඅලි මරණ 44ක් වාර්තා වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ජනවාරි 01වනදා සිට පෙබරවාරි 20වනදා දක්වා කාලය තුළ මෙම මරණ සිදුව ඇති බවයි.
තවද වෙඩි තැබීම්, අනවසර විදුලි රැහැන් පද්ධති සවි කිරීම්, දුම්රිය අනතුරුවලට ලක්වීම්, විෂ ශරීරගත වීම් සහ දියේ ගිලීම් හේතුවෙන් මෙම වනඅලි මරණ වාර්තා වී තිබේ.
තවද මෙම කාලය තුළ වනඅලි පහරදීම් හේතුවෙන් පුද්ගල මරණ 10ක් වාර්තා වී ඇති බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තව දුරටත් ප්‍රකාශ කරයි .