මේ දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියාවක්, වාහන ගමනාගමනයට බාධා

Report

කැලණිවැලි දුම්රිය මාර්ගයේ පුවක්පිටිය හා අවිස්සාවේල්ල අතර සැතපුම් 35 දම්වැල් 30 කිරිවන්දල ස්ථානය අසල හයිලෙවල් මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය අළුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා තාවකාලිකව වසා තබන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කර තිබේ.

 මහා මාර්ගයේ වාහන ගමනාගමනය අර්ධ හා සම්පූර්ණ වශයෙන් වසා තබන බවත් නිවේදනයේ සඳහන් වී තිබේ .

මෙම අදාළ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු මාර්තු 05 සිට මාර්තු 08 අතර කාලයේ සිදුකිරීමට නියමිතව ඇත.

වාද්දූවේ බස් අනතුරින් තුවාල ලැබූ එක් රියදුරෙකු ජීවිතක්ෂයට

වාද්දූවේ බස් අනතුරින් තුවාල ලැබූ එක් රියදුරෙකු ජීවිතක්ෂයට

 පහත සඳහන් අළුත්වැඩියාවන් හේතුවෙන්

2026 මාර්තු 05 දින බ්‍රහස්පතින්දා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන්

2026 මාර්තු 06 සිකුරාදා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන්

2026 මාර්තු 07 සෙනසුරාදා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන් සහ පෙ.ව 9.00 සිට ප.ව 1.30 අතර කාලය තුල පැය භාගයක කාල පරිච්ඡේදයක් සඳහා සම්පූර්ණයෙන් වැසීම.

2026 මාර්තු 08 ඉරිදා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන් සහ පෙ.ව 9.00 සිට ප.ව 1.30 අතර කාලය තුල පැය භාගයක කාල පරිච්ඡේදයක් සඳහා සම්පූර්ණයෙන් වැසීම.

ශ්‍රී ලංකා දුම්රිය සේවය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම කාල සීමාවන් තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය මඟහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

පන්නිපිටිය ආසන්නයේ මාරක අනතුරක් - පුද්ගලයෙක් මරුට

පන්නිපිටිය ආසන්නයේ මාරක අනතුරක් - පුද්ගලයෙක් මරුට