හිටපු මන්ත්‍රී එක්ක දකුණු මුහුදෙන් අල්ලපු මත්ද්‍රව්‍ය තොගය කිලෝ 376ක්

Report

දකුණු මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 376ක් බව පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව එහි හෙරොයින් කිලෝග්‍රෑම් 115ක් සහ (ගෝනි 5, පැකට් 100) අයිස් කිලෝග්‍රෑම් 261ක් (ගෝනි 13, පැකට් 200) තිබූ බව වාර්තා වේ.

එසේම පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ පිස්තෝල 01ක් මැගසින් 02ක් රිවෝල්වර 01ක් සමග ඉරිඩියම් චන්ද්‍රිකා 01ක් (Iridium satellite ph) අත්අඩංගුවට ගත් බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා ඊයේ (20) දින පස්වරුවේ තංගල්ල ධීවර වරායට රැගෙනවිත් තිබුණා.

මේ අතර අත්අඩංගුවට ගත් පිරිස අතර පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ හිටපු මන්ත්‍රීවරයෙකුත් සිටි බව වාර්තා වුණා.

දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය හමුවූ සිද්ධියට සජබ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය හමුවූ සිද්ධියට සජබ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට - නවතම මිල ගණන් මෙන්න

මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට - නවතම මිල ගණන් මෙන්න

අද රැළියට එන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

අද රැළියට එන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්