මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට - නවතම මිල ගණන් මෙන්න
විදේශිකයින්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් බිමල් රත්නායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
ඒ අනුව විදේශ පුරවැසියෙකුට මාසයක කාලසීමාවකට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේ දී මෙතෙක් අය කළ රුපියල් 2,000ක මුදල රුපියල් 15,000 දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වේ.
එමෙන්ම මාසයකට වැඩි සහ මාස දෙකක් දක්වා කාලසීමාව සඳහා රියදුරු බලපත්‍රයක් ලබාදීමට අය කරන මුදල රුපියල් 21,000ක් වන අතර මාස දෙකකට වැඩි සහ මාස 6ක් දක්වා කාලසීමාවක් සඳහා රියදුරු බලපත්‍රයක් ලබාදීමට අය කරන මුදල රුපියල් 30,000ක් ලෙසත් සඳහන්.
එසේම ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ මාස 6කට වැඩි සහ මාස 12ක් දක්වා කාලසීමාවක් සඳහා විදේශ පුරවැසියෙකුට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අය කරන මුදල රුපියල් 45,000ක් වන බවයි.
මීට අමතරව විදේශ පුරවැසියෙකුට රියදුරු බලපත්‍රයක් අලුත් කිරීම සඳහා අය කරන මුදල රුපියල් 15,000ක් වන අතර රියදුරු බලපත්‍රය විනාශ වී හෝ හානී වී ඇත්නම් එම රියදුරු බලපත්‍රයේ අනු පිටපතක් නිකුත් කිරීමට අයකරනු ලබන ගාස්තුව රුපියල් 15,000ක් වන බවත් දැක්වේ. තවද ශ්‍රී ලංකාවෙන් බැහැරව නිකුත් කරන ලද රියදුරු බලපත්‍රයක් හෝ ඒ හා සමාන රියදුරු බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකික පුරවැසියෙකුට නව රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට මෙතෙක් අය කළ රුපියල් 3,300ක මුදල රුපියල් 30,000 දක්වා ඉහළ නංවා ඇති බව ද වාර්තා වේ.
එමෙන්ම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකාවෙන් බැහැරව නිකුත් කරන ලද රියදුරු බලපත්‍රයක් හෝ ඒ හා සමාන රියදුරු බලපත්‍රයක් හිමි විදේශිකයෙකුට නව රියදුරු බලපත්‍රයක් ලබාදීමට මෙතෙක් අයකළ රුපියල් 15,000ක මුදල රුපියල් 60,000 දක්වා ඉහළ නංවා ඇති බවයි.