අද රැළියට එන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

Report

අද (21) දින දහවල් 2ට මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී මහජන රැළියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බැවින් එම රැළියේ සංවිධායකවරුන් විසින් ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර මිරිහාන පොලිස් ස්ථානය මගින් ඉල්ලුම් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව පොලීසිය නිකුත් කළ නිවේදයක දැක්වෙන්නේ මෙම මහජන රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රභූවරුන්, දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින්, පාක්‍ෂිකයින් හා මහජනතාව පැමිණීමට නියමිත බවයි.

මෙම මහජන රැළිය පවත්වන ස්ථානයට යාබදව මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස්පෙළ) විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන පිහිටා ඇති හෙයින් මහජන රැළියට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම මගින් එම විභාග සඳහා පෙනී සිටින සිසුන්ට බාධාවක් සිදුවිය හැකි බවද පොලීසිය ප්‍රකාශ කරයි.

හෙට රැලියට පාරවල් වහනවලු -විශේෂ සැලැස්මක් - මහාමාර්ග වෙනස් කෙරේ

හෙට රැලියට පාරවල් වහනවලු -විශේෂ සැලැස්මක් - මහාමාර්ග වෙනස් කෙරේ

අද දින උදෑසන 8:30 සිට උදෑසන 11:40 දක්වාත් සවස 2 සිට සවස 5 දක්වා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වේ.

එබැවින් ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිත කිරීමේදී පවතින නීතිරීතිවලට අනුව කටයුතු කිරීමට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට හා විභාග කටයුතු අවසන් වීමෙන් අනතුරුව නැවත පිටව යාමට සහ විභාග පැවැත්වෙන අවස්ථාවේදී එයට කිසිදු බාධාවක් ඇති නොවන ලෙස කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙස දන්වා ශබ්ද විකාශණ යන්ත්‍ර කොන්දේසි ලබාදී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා පොලීසිය විසින් බලපත්‍ර ඉල්ලුම්කරුවන් වෙත දන්වා ඇත්තේ මෙම රැළිය පවත්වන පරිශ්‍රය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙසත් බලපත්‍ර කොන්දේසි අනුව කටයුතු කරන ලෙසත් ය.

මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට - නවතම මිල ගණන් මෙන්න

මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ආයේ මේක නැතුව ත්‍රීවිල් පදින්න දෙන්න එපා - සියලුම පොලිස් ස්ථානවලට දන්වයි

ආයේ මේක නැතුව ත්‍රීවිල් පදින්න දෙන්න එපා - සියලුම පොලිස් ස්ථානවලට දන්වයි