අද සවස සහ රාත්රියේ ප්රබල අකුණු අනතුරක් - දිස්ත්රික්ක කිහිපයකට කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනයක්
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින් 2026 ඔක්තෝබර් 29 වැනිදා පෙරවරු 11.30 සිට එදින රාත්රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නිවේදනය ඌව පළාතට සහ අම්පාර, මඩකලපුව හා හම්බන්තොට දිස්ත්රික්කවලට අදාළ වේ.
සවස් කාලයේදී සහ රාත්රියේදී ප්රබල අකුණු අවදානමක් අදාළ ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු අනතුරු සහ තද සුළං හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.