අවුරුදු 14ක ආදරයට අවුරුදු 4ක සාර්ථක විවාහ දිවියක්! - අනූෂා දමයන්තිගේ හදවතට දැනෙන සංවේදී සටහන මෙන්න
අනූෂා දමයන්ති කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් . ඒ වගේම අපූරුඅවට වේදිකාවේ පෙළහැර පාන අපූරු නර්ථන ශිල්පිනියක් .
ඇයගේ ආදර කතාවක් ඉතාමත් පැරණි අපූරු ආදර කතාවක් . ඉතිං ඒ ආදර කතාව අවසන් වුණේ හැමෝම බලාපොරොත්තුවන ඒ විවාහයෙන්
ඒ නොසැලී ආපූ ආදර කතාවට අවුරුදු 14 ක් ඒවගේම විවාහට අවුරුදු 4ක් ඉතිං ඔවුන්ගේ ආදර කතාව ගැන සමරන මේ විවාහ සංවත්සරය ගැන අපූරු සටහනක් අනූෂා සිය මුහුණුපතට එක්කරලා තිබුණා
අවුරුදු 14ක ආදර කතාවක් ❤️❤️
අවුරුදු හතරක විවාහ ජීවිතයක්❤️💪
මේ සසර දනව්වේ එක් නවාතැන්පොලක් වූ මේ ජීවිතේ මෙලෙසින් ගෙවෙන්නට මා ලද පින මා මෙනෙහි කරමින්, ස්තූතිවන්ත වෙමි. ඒ කිසිවක් නිසා නොවේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දෙසූ ඒ උතුම් ධර්මය වුණු අටලෝ දහමට කම්පා නොවී ජීවත්වීමේ ශක්තිය අපි දෙන්නාටද තියෙන නිසා අපි ලස්සන ගමනක් ඇවිත් තියෙනවා. මම හැමදාම කියනවා වගේ ලෝකෙ සියලු කලාවන්ට වඩා උතුම්ම කලාව තමයි ජීවත්වීමේ කලාව කෙනෙක් ඉගෙන ගැනීම. එවිට ඔබ මේ සියලුම දේවල් විඳින කෙනෙක් මිස විඳවන කෙනෙක් නොවනු ඇත. පින් කරන්න පිනෙන් පිරෙන්න🙏
ඉතින් ලියන්නට කියන්නට බොහෝ දේ ඇත රසවත් විදිහට පස්සෙ දවසක කියන්නම්. ඉතින් ඕගොල්ලෝ හැමෝටම හැමදාමත් අපි වගේම හැම ජීවිතයක්ම හැම පවුල් ජීවිතයක්ම හැම ආදර කතාවක්ම හරි ලස්සනට ගෙවෙන්න ඕනේ. හැමෝගෙම සිහින බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏හැමෝම සතුටින් සමාදානේ ජීවත් වෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මං හදවතින්ම ප්රාර්ථනා කරනවා❤️❤️🥰🌹