අසනීපයෙන් පසුවන ‘තල් ඇත් පැටියාට’ සහනයක් - ප්‍රතිකාර සඳහා උඩවලවට රැගෙන යයි

Report

අසනීප තත්ත්වයෙන් පසුවන ‘තල් ඇතා’ නමින් හැඳින්වෙන අලි පැටවාට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.

පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂවරයාගේ මඟපෙන්වීම යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා මනම්පිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ සේවකයන් එක්ව සිටිති.

අලි පැටවාට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සහ ආරක්ෂිතව උඩවලව වෙත රැගෙන යාම සඳහා ගිරිතලේ ඇතුළු ප්‍රදේශවල වනජීවී පශු වෛද්‍යවරුන් ද මෙම මෙහෙයුමට එක්ව සිටින බව සඳහන් වේ.

වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍ය කණ්ඩායම් එක්ව අලි පැටවා ප්‍රවාහනය කිරීමේ කටයුතු සහ අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා කටයුතු කරමින් සිටිති.

නාවික හමුදාවෙන් දැවැන්ත අනාවරණයක් - “රටම එකට” මෙහෙයුමෙන් රුපියල් බිලියන 109කට අධික මත්ද්‍රව්‍ය අල්ලලා

නාවික හමුදාවෙන් දැවැන්ත අනාවරණයක් - “රටම එකට” මෙහෙයුමෙන් රුපියල් බිලියන 109කට අධික මත්ද්‍රව්‍ය අල්ලලා

[S9TW0HG