කුමාර් සංගක්කාරට සිදුවු අසාධරණයට පියර්ස් මෝගන් හඬ අවදි කරයි - “සංගක්කාර හමුවූ ආචාරශීලී ගෞරවනීයම පුද්ගලයන් අතර කෙනෙක්”

Report

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට  අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපොළේදී මුහුණදීමට සිදුවූ බව කියන අපහසුතාව සම්බන්ධයෙන් ප්‍රකට මාධ්‍යවේදී පියර්ස් මෝගන් සිය අදහස් පළ කර තිබේ.

සංගක්කාරගේ අත්දැකීම පිළිබඳව අදහස් දක්වමින් පියර්ස් මෝගන් පවසා ඇත්තේ, තමන්ට හමුවී ඇති වඩාත්ම ආචාරශීලී සහ ගෞරවනීය පුද්ගලයන් අතර සංගක්කාර ද සිටින බවයි.

එවැනි පුද්ගලයෙකු මේ ආකාරයෙන් අදහස් පළ කරන්නේ නම්, එහි සිදුවීම ඉතාමත් ලැජ්ජා සහගත එකක් වන්නට ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම, සංගක්කාරගේ පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් සහ නිසි පරිදි කටයුතු කරන ලෙස පියර්ස් මෝගන් ගුවන් සේවයට ද දැනුම් දී ඇත.

සලකපු විදිහ අන්තිම කැතයි.. ලෝකෙම ආදරේ දිනූ කුමාර් සංගක්කාරට සහ පවුලේ අයට කම්පනයක් - සමාජ මාධ්‍ය කැළඹෙයි

සලකපු විදිහ අන්තිම කැතයි.. ලෝකෙම ආදරේ දිනූ කුමාර් සංගක්කාරට සහ පවුලේ අයට කම්පනයක් - සමාජ මාධ්‍ය කැළඹෙයි

සංගක්කාර මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබුණේ, ඩබ්ලින්හි රයන්එයාර් ගුවන් සේවයේ ගේට්ටු කාර්ය මණ්ඩලය තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට වෙනස්කම් සහිතව හා තර්ජනාත්මක ආකාරයෙන් හැසිරුණු බවට තමන්ට හැඟුණු බවයි.

කාර්ය මණ්ඩලය තමන් ඇමතූ ආකාරය සහ ක්‍රියාපටිපාටි හැසිරවීම පිළිබඳව ද ඔහු සිය අප්‍රසාදය පළ කර තිබුණි.

එවැනි හැසිරීමක් කිසිදු මගියෙකුට පිළිගත නොහැකි බව ද සංගක්කාර සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, අදාළ සිදුවීමට හේතු වූ නිශ්චිත කරුණු මෙතෙක් සංගක්කාර විසින් ප්‍රසිද්ධ කර නොමැති අතර, ඔහුගේ චෝදනා සම්බන්ධයෙන් රයන්එයාර් ගුවන් සේවයේ ප්‍රතිචාරයක් ද වාර්තා වී නොමැත.

අවසන් සටනට පෙර සිංහයෝ තවත් ජයක් සොයා පිටියට - ''කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි''

අවසන් සටනට පෙර සිංහයෝ තවත් ජයක් සොයා පිටියට - ''කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි''