මේ රජයේ සේවයට අලුතින් රාජ්‍ය සේවකයන් 350ක්
යාපනය ශික්ෂණ රෝහල සහ යාපනය හෙද විදුහල ඇතුළු උතුරු පළාතේ රෝහල් හා සෞඛ්‍ය ආයතන සඳහා අලුතින් බඳවාගත් සෞඛ්‍ය කාර්ය සහායකයින් 350 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (18) සිදු කිරීමට නියමිතයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය තිවියාමහල්හිදී මෙම පත්වීම් ප්‍රදානෝත්සවය පැවැත්වේ.
රේඛීය අමාත්‍යාංශය මඟින් සහ උතුරු පළාත් සභාව යටතේ කුසලතා පදනම මත පැවැත්වූ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණවලින් තේරී පත් වූ අපේක්ෂකයින්ට මෙහිදී පත්වීම් හිමිවේ.
මෝටර් රථයක ගැටී පහරදුන් බව කියන සිද්ධිය- කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් අර්චුනා රාමනාදන්ගේ නඩුවට අලුත් නියෝගයක්
ඒ අනුව රේඛීය අමාත්‍යාංශය යටතේ බඳවාගත් 45 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලටත්, 5 දෙනෙකු යාපනය හෙද විදුහලටත් අනුයුක්ත කෙරෙන අතර, පළාත් සභාව යටතේ බඳවාගත් 300 දෙනා උතුරේ සෙසු රෝහල් වෙත යොමු කෙරෙනු ඇත.
දීර්ඝ කාලයක සිට පැවැති මානව සම්පත් පුරප්පාඩු පිරවීමේ වැඩසටහන යටතේ මීට පෙර බස්නාහිර ඇතුළු සෙසු පළාත් සඳහා ද සෞඛ්‍ය කාර්ය සහායකයින් 1,860 දෙනෙකුට පත්වීම් ලබා දී තිබේ. රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කරමින් රෝගී සත්කාරක සේවා බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම මෙම බඳවාගැනීම්වල ප්‍රධාන අරමුණයි.