NTC හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගන්නා ලද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.

අදාළ දූෂණ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන පවත්වන අතර, විමර්ශනවල ප්‍රගතිය ඉදිරි නඩු දිනයේදී අධිකරණය හමුවේ වාර්තා කිරීමට නියමිතයි.

මේ චීන වාහනවලට සීමාවක් - යුරෝපා සංගමය වාහන අලෙවියත් හදිසියේ සීමා කරන හේතුව මෙන්න

මේ චීන වාහනවලට සීමාවක් - යුරෝපා සංගමය වාහන අලෙවියත් හදිසියේ සීමා කරන හේතුව මෙන්න

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක පහළට