අනුරාධපුර පූජා භූමියේ සංවර්ධනයට 32 දෙනෙකුගෙන් යුත් ජනපති උපදේශක සභාවක් පත් කෙරේ

Report

අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී එහි පුරාවිද්‍යාත්මක, ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරගනිමින් ඒකාබද්ධ තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති උපදේශක සභාවක් පිහිටුවා තිබෙනවා.

සාමාජිකයන් 32 දෙනෙකුගෙන් සමන්විත මෙම උපදේශක සභාවට මහා සංඝරත්නයේ නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, විද්වතුන් සහ අදාළ ආයතනවල ප්‍රධානීන් ඇතුළත් කර තිබෙනවා.

වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී සහ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඇතුළු තනතුරු දරන අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක හිමිපාණන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා එහි සම සභාපතිවරුන් ලෙස කටයුතු කරනවා.

මීට අමතරව අභයගිරිය චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය මහාචාර්ය කල්ලංචියේ රතනසිරි හිමි, ථූපාරාම චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය කහල්ලේ ඥානින්ද හිමි සහ බෝමළුව විහාරවාසී පූජ්‍ය ආචාර්ය කහටගොල්ලෑවේ මේධංකර හිමි ඇතුළු ස්වාමීන් වහන්සේ ද මෙම සභාවට පත් කර තිබෙනවා.

වැසි ගැන අලුත්ම දැනුම්දීමක් - ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවීමේ අවදානමක්

වැසි ගැන අලුත්ම දැනුම්දීමක් - ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවීමේ අවදානමක්

එමෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, නාගරික සංවර්ධන අධිකාරිය සහ යුනෙස්කෝව සඳහා වූ ජාතික කොමිෂන් සභාව ඇතුළු ආයතන නියෝජනය කරන නිලධාරීන් ද ඊට ඇතුළත්.

මහාචාර්ය ජගත් වීරසිංහ, මහාචාර්ය මාලිංග අමරසිංහ, මහාචාර්ය ආර්. එම්. එම්. චන්ද්‍රරත්න සහ මහාචාර්ය ආරිය ලගමුව ඇතුළු විද්වතුන් ද මෙම උපදේශක සභාවේ සාමාජිකයන් ලෙස නම් කර තිබෙනවා.

පූජා භූමියේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඒකාබද්ධ තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් පවත්වාගෙන යාම මෙම සභාවට පැවරෙන ප්‍රධාන වගකීමයි.

ඒ අනුව අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී එහි පවතින පුරාවිද්‍යාත්මක, ඓතිහාසික, ආගමික හා සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා තීරණ ලබාදීම මෙම සභාව හරහා සිදු කිරීමට නියමිතයි.

මේ රජයේ සේවකයන්ට මෙතෙක් නොඇසූ සුබම සුබ ආරංචියක් මෙන්න - නොවැම්බර් 01 සිට ක්‍රියාත්මකයි

මේ රජයේ සේවකයන්ට මෙතෙක් නොඇසූ සුබම සුබ ආරංචියක් මෙන්න - නොවැම්බර් 01 සිට ක්‍රියාත්මකයි