වැසි ගැන අලුත්ම දැනුම්දීමක් - ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවීමේ අවදානමක්

Report

අද (30) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට ද සුළු වැසි ඇති වීමේ හැකියාව පවතී.

මීට අමතරව මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රාජ්‍ය විශ්වවිද්‍යාල වැඩ අද නවතී - විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් දැඬි තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල වැඩ අද නවතී - විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් දැඬි තීරණයක්

විශේෂයෙන්ම එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ අනාවැකියේ දැක්වේ.

කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්