ඔයාටත් මේ ලක්ෂණ තියෙනවද - සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක් හේතුව මෙන්න
වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30%කට පමණ මානසික ගැටලු ඇති බව සඳහන් කරයි.
අද (26) කොළඹදී පැවති මානසික සංවර්ධනය තුළින් ජීවිත පරිවර්ථනය නම් වැඩසටහන සමඟ එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ අවුරුදු 60 හෝ 65ට වැඩි වැඩිහිටියන් මෙම තත්ත්වයට මුහුණ දී සිටින බවය.
විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ,ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණය ඉතා ඉක්මනින් වර්ධනය වන බවත්, ඒ අනුව වැඩිහිටියන් මුහුණදෙන මෙම මානසික ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සමාජය තුළ දැනුවත්භාවය අවම වීම හේතුවෙන් ගැටලු රැසක් ඇතිව තිබෙන බවත්ය.
ඇතැම් විට වයස්ගත වීමේ දී ඇති වන යම් යම් මානසික රෝග ලක්ෂණ පිළිබඳ මිත්‍යා මත පදනම්ව තීරණ ගැනීමට සමාජය පෙළඹී ඇති අතර එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස හොවා දක්වමින් සිටින බවද පැවසු විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය, අමතක වීම හා විෂාදය වැනි රෝග ලක්ෂණ නොසලකා හැරීමට වැඩිහිටියන් පෙළඹී ඇතැයි ද පැවසුවාය.
මේ ආකාරයෙන් මානසික ගැටලු වැඩිහිටි ජනතාව අතර වැඩි වශයෙන් පැවතීම තුළින් ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවයට බලපෑම් එල්ල වී ඇති බවත්, ඒ තුළින් ශාරීරික සංකූලතාවයන් ඉහළ ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.
මානසික රෝහලේ 1999 දී වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති අතර, මේ වනවිට එහි පිරිමි සහ කාන්තා නේවාසික වාට්ටු දෙකක් ඇති බවත් මෑතකදී දීඝායු නමින් දිවා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මනෝචිකිත්සක හා චර්යා ක්‍රම තුළින් වෛද්‍ය උපදෙස් ලබාදීම ආරම්භ කළ බවත් ඇය පැවසුවාය.