මෙරට රජයේ විශ්වවිද්‍යාලයක අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.
By krishani
කැලණිය විශ්වවිද්‍යාලය ඉකුත් (04) වෙනිදා හදිසියේ වසා දැමීමට එම විශ්වවිද්‍යාල පරිපාලනය පියවර ගැණින.
ඒ අනුව වසා දමා ඇති කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය, වානිජ හා කළමනාකරණ පීඨය සහ තාක්ෂණ පීඨය අධ්‍යයන කටයුතු සඳහා ලබන සඳුදා (11) යළි විවෘත කිරිමට සැලසුම් කර ඇති බව එහි පාලනාධිකාරිය සඳහන් කළේ ය.
එමෙන්ම, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය එළැබෙන දෙසැම්බර් මස 18 වනදා විවෘත කිරීමට නියමිතයි.
එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් පීඨ වසා දමනු ලැබුවේ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය.
කෙසේ වෙතත්, එම සිද්ධියට සම්බන්ධ සිසුන් 4 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කළේ ය.