මෙවර දන්සැල් බලන්න P.H.I.ලා 2500ක්
වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා සිදුකරනු ලබන දන්සල් ඊයේ (11 වැනිදා ) වන විට 9000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ පැවසුවේ එලෙස ලියාපදිංචි කරගත් දන්සල්වලින් වැඩිම ප්‍රමාණය මැයි මස 12 සහ 13 දිනවලදී පැවැත්වෙන බවයි.
දන්සල් පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500ක් යොදවන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
ලේකම්වරයා පැවසුවේ ලියාපදිංචි වී ඇති දන්සල් අතරින් වැඩිම දන්සල් ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාතේ බවයි.
දන්සල් සඳහා ආහාර පිළියෙල කරන ස්ථාන, දන්සල් පවත්වන ස්ථාන, අමු ද්‍රව්‍ය, ජලය පිළිබඳව නිරන්තරයෙන්ම පරීක්ෂා කිරීමට එම සංගමය සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දැනුවත් කර තිබෙනවා.
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ බෝවන රෝග ඇති පුද්ගලයන් දන්සල් සඳහා සහභාගි නොවීමට වගබලා ගතයුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා..
