හොරු එක්ක ඩීල් එකක් නෑ....චන්දිම වීරක්කොඩි කියයි

Chandima Weerakkody Sri Lanka Politician Sinhala news
By Hashini May 12, 2025 08:18 AM GMT
Hashini

Hashini

Report

සමඟි ජන බලවේගය නියෝජනය කරන හිටපු ඇමතිවරයෙක් වූ චන්දිම වීරක්කොඩි මහතා පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ශක්තිමත් කිරීම සඳහා යම් එකඟතාවන්ට පැමිණීමේදී ප්‍රජාතන්ත්‍රවාදිව පත්වෙච්ච කණ්ඩායම් එක්ක සාකච්ජා කිරීමේ වැරැද්දක් නොමැති බවයි.

හිටපු ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සාකච්ජා කර අවසන් තීරණයක් ගැනීමේදී එම කණ්ඩායම්වල පාතාලය නියෝජන කළ අය සිටිනවා නම් එවැනි අය සමඟ සම්බන්ධවීමේදී දෙපාරක් සිතන්නට සිදුවන බවයි.

සුපිරි පිතිකරු ටෙස්ට් පිටියෙන් සමුගනී

සුපිරි පිතිකරු ටෙස්ට් පිටියෙන් සමුගනී

”හොරු එක්ක තාම කිසිම ඩීල් එකක් ෆයිනලයිස් වෙලා නැහැ. සාකච්ජා කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා යම් එකඟතාවන්ට පැමිණීමේදී ප්‍රජාතන්ත්‍රවාදිව පත්වෙච්ච කණ්ඩායම් එක්ක සාකච්ජා කිරීමේ වැරද්දක් නැහැ. සාකච්ජා කරලා අවසන් තීරණය ගැනීමේදී එතන ඉන්නවා නම් ඔය කියපු විදිහට පාතාලේ කට්ටිය වගේ අය ඒ අයත් එක්ක සම්බන්ධ වීම ගැන මම හිතන්නේ දෙපාරක් හිතන්න ඕනේ. සාකච්ජා කරන්න පටන් ගත්ත ගමන්ම ඉන්නේ ඔකොම හොරු කියල හිතනවා නම් මේ රටේ මොකුත් කරන්න බෑනේ.”

චන්දිම වීරක්කොඩි මහතා මෙම අදහස් දක්වා සිටියේ හොරු සමඟ ඩීල් දමා සභා පිහිටුවීමට උත්සහ කරන බවට පළව තිබෙන වාර්තා සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

 

විදුලි බිල ඉහළ දමනවා, ඒ ගැන කතා දෙකක් නැහැ - ජනපති

විදුලි බිල ඉහළ දමනවා, ඒ ගැන කතා දෙකක් නැහැ - ජනපති

ReeCha