තරුණ දේශපාලනඥයින් 24ක් ඉන්දීය විදේශ කටයුතු ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 14කට අයත් තරුණ දේශපාලනඥයින් 24 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතා හමුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම පිරිස දෙසතියක වැඩසටහනක් වෙනුවෙන් ඉන්දියාවට ගොස් ඇත.
මේ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, රන්ධීර් ජයිස්වාල් මහතා විසින් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
මෙම අවස්ථාවේදී ඉන්දු - පාකිස්තාන අර්බුදයෙ බලපෑම සහ නව කලාපීය සහයෝගීතාවයක් නිර්මාණය කිරීමට ඉන්දියාව නායකත්වය ගනු ලබන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡා යොමු කර ඇති බව පවසයි.
එමෙන්ම ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය අගය කිරීමට ද මෙම පිරිස කටයුතු කර තිබෙනවා.
මේ අතර විදේශ කටයුතු ලේකම්වරයා අවධාරණය කර ඇත්තේ අනාගත කොටස්කරුවන් වශයෙන් ඉන්දු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය සම්බන්ධයෙන් වටිනා කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බවයි.

මෙව්වනේ අභියෝග, බයියෝ චූන් කර කර වඳ ගෑනි වගේ කියවන්න එපා, රැට්ටාගෙන් ඉරාජ්ට ඇට්ටි හැලෙන චැලෙන්ජ් එකක්
