ඔක්කොම ප්‍රතිසංස්කරණ කරන්නේ ගුරුවරු 30000ක් අඩුකරන්න ද? ආණ්ඩුවට ඇප නැති කරන ස්ටාලින්[VIDEO]
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් විසින් මේ දිනවල රජයෙන් සිදු කරන බව කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිසිසේත්ම අලුත් දේවල් නොවන බවට ප්‍රකාශ කරයි.
ඔහු මේ බව විමසා සිටියේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්. ඒ අනුව ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ,
"මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ඉල්ලපු එකක්. නමුත් මේකේ අලුත් දෙයක් නෑ. ජනාධිපතිවරයා හම්බන්තොට ගිහින් කතාවක් කලා.. ජනාධිපතිවරයා කිව්වට ඔවුන් වෙන පාසල් වලට දාලා ප්‍රවාහන පහසුකම් දෙනවා කියලා ඒක වෙන්නේ නෑ. අවිචාරාත්මකව කරන එකට විරුද්ධයි. හැම ආන්ඩුවක්ම අපේක්ශා කලේ මේක. දුෂ්කර පළාත්වල පාසල්වල සම්පත් ඉහළ දැමීම ආණ්ඩුවේ වගකීමක්. මේක IMF යෝජනාවක්ද කියලා අහනවා. අග්‍රාමාත්‍යවරියත් සාකච්චා වටයක් යනවා. එතන කතා කළා කාලපරිච්ඡේදය විනාඩි 50 කරන්න. මොඩියුලර් ක්‍රමයක් ගේනවා කියනවා. මේවා අලුත් ඒවා නෙවෙයි. මේ කටයුතු කරන්න හදන්නේ ජාතික අධ්‍යාපන ආයතනය එක්ක. ඔවුන්ට මේක කරන්න බෑ තාම විෂය නිර්දේශය වෙනස් කරගන්න බැරි වුණා.
සමස්ත අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන. තෝරගත්ත අය එක්ක තමයි කතාකරන්නේ. අනුරාධපුර කලාප අධ්‍යක්ෂ කියනවා විදුහල්පතිවරු ගුරුවරු හංගන් ඉන්නවා කියලා. මොන විහිලුද පඩි ගෙවන්නේ කලාප කාර්‍යාලයෙන් එතකොට ඉන්න ප්‍රමාණය දන්නේ නැද්ද? වසන්ත සමරසිංහ කියනවා උතුරුමැද 16/1ගුරුවරු ඉන්නවලු. මොන බොරුද? කව්ද වසන්ත සමරසිංහට මේ තොරතුරු දුන්නේ. මේ ලෑස්ති වෙන්නේ ගුරුවරු අඩුකරන්නද? ආණ්ඩුව ඇත්ත අරමුණකින්ද පාසල් වල කාලපරිච්ඡේදය 7ට අඩුකරන්නේ. මෙහෙම කලොත් ගුරුවරු 30000ක් අඩුකරන්න පුළුවන් මේවා සාකච්චාවට ගන්න ඕන. ටියුශන්වලට තමයි උත්තර හොයන්න ඕන. පාසල් 36කට තමයි 1 වසරට තරගයක් තියෙන්නේ මේවට විසදුම් හොයන්න ඕන. අපි කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන කියන තැන ඒක සාකච්ඡා කරලා කරන්න ඕන. ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි විශ්වවිද්‍යාලයට එන වයස අඩුකරන්න ඕන. එහෙම වසරක අඩුකරනවනම් ඒක සාකච්ඡා කරලා කරන්න ඕන. දරුවන්ගේ පාසල් කාලය අඩුකරන්න ඕන." යනුවෙන්.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්
