ජපන්, කොරියා, ඊශ්‍රායල් රැකියා රැසක් අරන් විදේශ සේවා කාර්යාලය මාතරට
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පළාත් මට්ටමින් සංවිධානය කරනු ලබන රැකියා පොළ වැඩසටහන, දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ජූලි මස 19 වන දින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා මාතර, ශාන්ත සර්වේශස් විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව අතර. මෙම රැකියා පොල වැඩසටහනේදී තරුණ තරුණියන්ට විදේශ රැකියා රැසක් සදහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවේ.
අනතුරුව එදින සහභාගිවන විදේශ රැකියා අපේක්ෂිතයින් කාර්යාංශ රැකියා බැංකුවේ ලියාපදිංචි කරගැනීමද සිදුකරනු ලබනවා. ඊට අමතරව ශ්‍රී ලංකා රජය, ජපානය, ඊශ්‍රායල් හා දකුණු කොරියානු රජයන් සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් අනුව ලබාදෙනු ලබන විදේශ රැකියා අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමද මෙහිදී සිදුකෙරෙනවා.
කාර්යාංශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන 25 ක් මේ සඳහා සහභාගිවන අතර, එම ආයතන වෙත ලැබී ඇති විදේශ රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු ලබාගැනීමට, ඒ සඳහා අයදුම් කිරීමට හා රැකියා ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
මෙහිදී රැකියා සඳහා සෘජු බඳවාගැනීම් සිදුකිරීමට නියමිතය. එසේම හෝටල් පාසල, NAITA, VTA වැනි ආයතනද මේ සඳහා සහභාගි වන අතර, එමගින් විදේශ රැකියා වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් පවතින රැකියාවලට අදාළ වෘත්තිය පුහුණු සඳහා බඳවාගැනීමද සිදුකෙරෙයි. මීට අමතරව ස්වයං රැකියා කරන විගමණික ශ්‍රමිකයින්ගේ නිශ්පාදන අලෙවි පොලක්ද මෙම පරිශ්‍රය තුළ පැවැත්වෙන අතර, එහිදී පහසු මිලට භාණ්ඩ මිළදී ගැනීමට අවස්ථාව සලසා ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දකුණු පළාත් කාර්යාලය හා අලෙවිකරණ අංශය එක්ව මෙම රැකියා පොල වැඩසටහන සංවිධානය කර ඇති අතර, ඉදිරියේදී අනෙකුත් පළාත්වලද මෙම වැඩසටහන පැවැත්වීමට කාර්යාංශය අපේක්ෂා කර තිබෙනවා.මේ තුළින් තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා හිමි වීමට නියමිතය.
