Ali express, temu, ebay, amazon බඩු දැම්මද? එහෙනම් මෙන්න අලුත් ආරංචියක් [VIDEO]
අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති නලින්දගෙන් මාධ්‍යවේදියෙක් Ali express,Temu,ebay,amazon, යන ආයතන වලින් බඩු ආනයනය කිරීම පිළිබඳ පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳ සාකච්ඡා විය.
මේ වන විට විද්‍යුත් වාණිජ්‍ය කටයුතු වල සීග්‍ර වර්ධනයත් සමඟ රටවල් අතර සිදුවන විද්‍යුත් වාණිජ්‍ය කටයුතු හරහා ශ්‍රී ලංකාව වෙත කෙරෙන ආනයන පරිමාව ද සැලකිය යුතු පරිදි ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කර තිබේ.
උපකාරී නියාමන පරිසරයක් ඇති කිරීම මඟින් සුවිශේෂී ආර්ථික ප්‍රතිලාභ ලැබෙන විද්‍යුත් වාණිජ්‍ය කටයුතු වැඩි දියුණු කිරීම සඳහා විද්‍යුත් වාණිජ්‍ය කටයුතු වලින් බදු ආදායම රැස් කිරීම සංවිධිත කිරීම රජයේ වගකීම වෙයි. විද්‍යුත් වාණිජ්‍ය වේදිකා ඔස්සේ කෙරෙන ආනයන සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන රේගු නිෂ්කාශන කාර්ය පටිපාටියේ ඇතැැම් දුර්වලතා හඳුනාගෙන මෑතකදී ශ්‍රී ලංකා රේගුව විසින් සිය රේගු නිෂ්කාශන කාර්ය පටිපාටිය සංශෝධනය කර ඇත.
භාණ්ඩ ගෙන්වීමේදී උද්ගත වී ඇති ප්‍රමාද වීම්, ඉහළ ගිය ගනුදෙනු පිරිවැය, මහජන විශ්වාසය පළුදු වීම, මිලගණන් සම්බන්ධයෙන් විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව අඩු වීම වැනි තත්ත්වයන් විද්‍යුත් වාණිජ්‍ය වේදිකාවන් භාවිත කරන්නන්ගේ අතෘප්තිමත් භාවයට හේතු වී තිබේ. විශේෂයෙන්ම, විද්‍යුත් වාණිජ්‍ය කටයුතු මත දැඩිව රැඳී සිටින තනි පුද්ගල පාරිභෝගිකයින් සහ කුඩා පරිමාණ ආනයනකරුවන් බලපෑමට ලක්ව ඇත.
එම තත්ත්වය සැලකිල්ලට ගෙන, විද්‍යුත් වාණිජ්‍ය කටයුතු සඳහා තාවකාලික වශයෙන් මෙහෙයුම් සහනයක් ලබා දීම සහ ඒ සම්බන්ධයෙන් දිගු කාලීන නියාමන රාමුවක් හඳුන්වා දීම සඳහා අදාළ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මේ පිළිබඳ ඇමතිවරයා වැඩිදුර අදහස් දැක්වේ පහත ආකාරයටයි.
