ඊශ්‍රායලයෙන් නැවතත් ප්‍රහාර - හමුදා මූලස්ථාන වලට ගුවන් ප්‍රහාර
ඊශ්‍රායල් ගුවන් හමුදාව සිරියාවේ දමස්කස් හි හමුදා මූලස්ථානය ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
අදාල ප්‍රහාරය සිරියානු ආරක්ෂක අමාත්‍යාංශයට පිවිසෙන දොරටුව අසලට එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.
රජයේ හමුදා සහ ඩෲස් සන්නද්ධ කණ්ඩායම් අතර සටන් විරාමයක් බිඳ වැටීමෙන් පසු දකුණු සිරියාවේ ස්වීඩා නගරයේ ගැටුම් අඛණ්ඩව පැවතෙන අවස්ථාවේ දී මෙම ප්‍රහාරය එල්ල වීමද විශේෂත්වයකි.