පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

Report

ඉන්දියාවේ නව දිල්ලි නගරයේ පිහිටි ප්‍රමුඛ පාසල් පහකට දින 3ක් ඇතුළත බෝම්බ තර්ජන එල්ල වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

ජනක බණ්ඩාරට මිනීමැරුම් චෝදනාවක් - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

ජනක බණ්ඩාරට මිනීමැරුම් චෝදනාවක් - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

Hindustan Times වාර්තා කළේ, පාසල් ඇතුළු ස්ථාන 10කට මෙම තර්ජන එල්ල වී ඇති බවයි. ANI පුවත් ඒජන්සිය පවසන්නේ, තර්ජනයට ලක්වූ පාසල් අතර:

ද්වාරකාහි ශාන්ත තෝමස් පාසල

වසන්ත් කුන්ජ්හි වසන්ත නිම්න පාසල

හවුස් බාස්හි මදර්ස් ජාත්‍යන්තර පාසල4

යහපාලනය ආණ්ඩුව කාලේ දාපු සෙල්ලම් එළියට - රජයට කෝටි ගාණක පාඩුවක්

යහපාලනය ආණ්ඩුව කාලේ දාපු සෙල්ලම් එළියට - රජයට කෝටි ගාණක පාඩුවක්

පෂ්චිම් විහාර්හි රිච්මන්ඩ් ග්ලෝබල් පාසල

ලෝඩි වතුයායෙහි සර්දාර් පටෙල් විද්‍යාලය

යන පාසල් වේ. PTI News අනුව, ද්වාරකා පාසලට අද (16) අලුයම 5.26 ට සහ වසන්ත් කුන්ජ් පාසලට 6.30 ට බෝම්බ තර්ජන තැපෑලෙන් ලැබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දිල්ලි පොලීසිය, බෝම්බ නිෂ්ක්‍රිය කණ්ඩායම්, පොලිස් සුනඛ බලකාය සහ සයිබර් විශේෂඥයින් එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

එහෙත්, දිල්ලි ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ වනවිට සැක සහිත කිසිවක් හමු වී නොමැති බවයි. මෙය දින 2ක් ඇතුළත ශාන්ත තෝමස් පාසලට ලැබුණු දෙවන බෝම්බ තර්ජනය වේ.