එළියෙන් කුරුළු උයන පෙන්නලා ඇතුලෙන් ගේම ගහලා කෝටි 25කට මොකක්ද තිබ්බේ?

Report

නීතිවිරෝධී ලෙස ආනයනය කළ, රුපියල් කෝටි 25කට වඩා වටිනා අතිනවීන යතුරුපැදි තොගයක් සඟවාගෙන සිටි බවට චෝදනා එල්ලව සිටින හම්බන්තොට බර්ඩ් පාර්ක් උද්‍යානයේ හිමිකරු අජිත් ගාල්ලගේ මහතා මේ වන විට අතුරුදන්වී ඇති බව පොලීසිය පවසයි.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක්ද නිකුත් කර ඇති අතර, ඔහු තම නේවාසික ලිපිනය අතහැර සැඟවී සිටින බව විමර්ශන නිලධාරීන් සදහන් කරති.

මේ වනවිට පොලිස් මධ්‍යම විමර්ශන කොට්ඨාශය ඔහු සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, මෙම යතුරුපැදි ආනයනයට ප්‍රදේශයේ බලවත් දේශපාලනඥයන් සහ රේගු නිලධාරීන් කිහිපදෙනෙකුගේ දූෂිත සහයෝගය ලබාගෙන ඇති බවයි.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

තවද, සැකකරු රාජපක්ෂ පවුල සමඟ සමීප සබඳතාවක් තිබූ පුද්ගලයෙකු ලෙසද හඳුනාගෙන ඇති අතර, “කුරුලු ආනයනය” යන නාමයෙන් ආවරණය කරමින් මෙම වටිනා යතුරුපැදි ඇතුළත් කර ඇත්තේ සමානව වසර පහකට පෙර බව ද විමර්ශන වලින් හෙළිවී තිබේ.

බර්ඩ් පාර්ක් උද්‍යානය තුළ සොයාගත් යතුරුපැදි අතරින් එකක් පමණක් රුපියල් කෝටි එකහමාරක් වටිනා බව ද පොලිසිය සදහන් කරයි. මෙම විමර්ශනයන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත හා පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීම යටතේ සිදු කෙරේ.