ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුට ඇප

Report

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධව සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතුරුගිරිය පොලීසියේ කොස්තාපල් හසිත රොෂාන්ට, කොළඹ මහාධිකරණය නිකුත් කළ ඇප නියෝගයකට අනුව ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

අදාළ නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය විසිනි. ඒ අනුව සැකකරු රු. 50,000ක මුදල් ඇපයක් සහ එක් එක්ව රු. ලක්ෂ 2.5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම විය.

ලබන 22 රටටම විදුලිය කැපෙයි ද? - ලංවිම දැඩි තීරණයක

ලබන 22 රටටම විදුලිය කැපෙයි ද? - ලංවිම දැඩි තීරණයක

එමෙන්ම, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත්, සැකකරුට අධිකරණය විසින් දැඩි අවවාදයක්ද ලබා දී තිබේ.

මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුණේ, ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුට පලා යාම සඳහා වාහන පහසුකම් ලබා දුනේ යැයි සැකයක් මතය.