ලෝකයේ ජනප්‍රියම රෙගේ ගායකයා ලංකාවට

By Mithu Jul 16, 2025 12:18 PM GMT
Report

රෙගේ සංගීතයට බොහෝ දෙනෙක් ප්‍රිය කරයි.ඒ අතර රෙගේ සංගීත ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වුණේ ඉතාමත් සුළුතර ගායකයන් පිරිසක් පමණයි. ඒ අතරින් ලෝකයේ ජනප්‍රිය “රෙගේ ” සම්ප්‍රදායේ සංගීතඥයෙකු වන ඇල්ෆා බ්ලොන්ඩි අද(16) අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ ප්‍රසංගයක් පැවැත්වීම සදහාය.

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

බොබ් මාලේ ගෙන් පසුව රෙගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් සිටින ලෝකයේ අතිශය ජනප්‍රිය සංගීතඥයා ඇල්ෆා බ්ලොන්ඩි වේ. ඔහු සිය පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකු ද සමග 07/16 දින අලුයම 02.50 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

ඇල්ෆා බ්ලොන්ඩි එළඹෙන 19 දින සවස කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ දී සංගීත‍ ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය. ඇල්ෆා බ්ලොන්ඩි සංගීතඥයා ඇතුළු පිරිස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් උසස් අන්දමින් කටුනායක ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබීය.

පාසල් වල අතිරික්ත ගුරුවරුන්ට වෙන දේ මෙන්න නව රජයෙන් දැඩි තීරණයක්..

පාසල් වල අතිරික්ත ගුරුවරුන්ට වෙන දේ මෙන්න නව රජයෙන් දැඩි තීරණයක්..