සංස්ථාව දැඩි මූල්‍ය අර්බුදයක, පඩි බේරන්නත් කප්පාදු රැසක්

Report

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ දැඩි මූල්‍ය අර්බුදයක් මතුව ඇති බව වාර්තා වේ.

එම අර්බුදය හමුවේ මාසික වැටුප් ගෙවීම පවා දුෂ්කරව ඇති බව සඳහන්.

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

එනිසා සංස්ථා සභාපතිවරයා විසින් සංස්ථාවේ වියදම් කප්පාදුවක් යෝජනා කරමින් ඊට අදාළ නියෝග නිකුත්කර තිබෙනවා.

ඒ අනුව අවධාරණය කර ඇත්තේ අදාළ වියදම් කපා හැරීම් 2025-07-01වන දින සිටම ක්‍රියාත්මක කළ යුතු බවයි.

එබැවින්,

යහපාලනය ආණ්ඩුව කාලේ දාපු සෙල්ලම් එළියට - රජයට කෝටි ගාණක පාඩුවක්

යහපාලනය ආණ්ඩුව කාලේ දාපු සෙල්ලම් එළියට - රජයට කෝටි ගාණක පාඩුවක්

– සති අන්ත දීමනා ලබා නොදීම

– අත්‍යවශ්‍ය අතිකාල පමණක් සිදුකිරීම ( ඒ සඳහා පූර්ව අනුමැතිය ගත යුතුය)

– වාහන භාවිතයේදී තනි තනිව වෙනුවට කිහිප දෙනෙකු එකතුව භාවිතා කිරීම

– සුළු මුදල් ඇතුළු ලිපි ද්‍රව්‍ය වියදම් පාලනය කිරීම සිදු කිරීමට තීරණය කර ඇත.

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

මේ අතර සභාපතිවරයාගේ මෙම නියෝග අනුව ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි විසින් ද දැනුම්දීමක් නිකුත් කර ඇත.

ඒ අනුව සංස්ථා සේවකයන්ගේ අවමංගල සහ මංගල උත්සවවලට ලබාදුන් ප්‍රවාහන පහසුකම් තාවකාලිකව අත්හිටුවීම, වාර්ෂික විනෝද ගමන්වලට සංස්ථාව ලබාදෙන දායකත්වය තාවකාලිකව අත්හිටුවීම ඇතුළු තවත් වියදම් කප්පාදු ගණනාවක් දැනුම්දී තිබෙන බව වාර්තා වේ.

අ.පො.ස. සා.පෙ. විභාගය සදහා විෂය පිළිබඳ විශේෂ දැනුම්දීමක්

අ.පො.ස. සා.පෙ. විභාගය සදහා විෂය පිළිබඳ විශේෂ දැනුම්දීමක්