ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාගෙන් අපිටත් පොරොන්දුවක්

Ministry of Education China Sri Lanka Government Sinhala news
By Mithu Jul 16, 2025 10:06 AM GMT
Mithu

Mithu

Report

ශ්‍රී ලංකාවත් සමඟ ඉතා විශ්වාසනීය ආකාරයෙන් කටයුතු කරන රාජ්‍යයක් ලෙස චීනය හඳුන්වන්නට පුළුවන්. විවිධ ආධාර එවගේම විවිධ ආයෝජනා නිරන්තරයෙන්ම චීන රාජ්‍යයෙන් ලංකාවට ගලාගෙන එයි.

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

එවැනි පසුබිමක ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයා මෙන්ම සහයකයා ලෙසද කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (16) දින බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති උත්සවයක් අමතමින්ය.

2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 5,171 වටිනා පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා දී අවසන් බව නිල වශයෙන් දැනුම් දීමේ අවස්ථාව අද පැවැත්වුණි. ඒ සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියද සහභාගී වී සිටියාය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා,

හෙද සේවයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ ආරංචියක්

හෙද සේවයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ ආරංචියක්

"ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකදීම චීනය ඔබේ විශ්වාසවන්ත සහෝදරයා මෙන්ම සහායකයා ලෙසද කටයුතු කරනවා. දරුවන් යනු මේ රටේ අනාගතය පමණක් නොව චීන ශ්‍රී ලංකා මිතුදමේ උරුමක්කාරයන්. ඔවුන්ගේ නිල ඇඳුමේ ඇති සෑම මැහුමකින්ම අපේ පැරණි ශිෂ්ටාචාර දෙක අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ කතාව කියනු ඇත.අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් දක්වන දායකත්වය සහ කැපකිරීම් මම ඉතාමත් අගය කොට සලකනවා. "

යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කර තිබේ.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

ReeCha