මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිවසට මහ පාන්දර වෙඩි
අද(16) අලුයම 4.40ට පමණ වැලිගම, උඩුකාව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලීසිය සඳහන් කළේ වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නිතීඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට මෙසේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බව සඳහන්.
එසේම එම මන්ත්‍රීවරයාට මරණ තර්ජන ඇති බව පවසා නිවසට පොලිස් ආරක්ෂව ද ලබාගෙන තිබූ බව පොලීසිය ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් අඳාළ වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති අතර කිසිවකුටත් තුවාල සිදුව නොමැති බව පවසයි.
එසේම පොලීසිය කියා ඇත්තේ වෙඩිකරුවන් වෙත පොලීසියෙන්ද වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් පලාගිය බවයි.
