වෙඩින් ගද්දි සතුට සැමරුවා වගේ ඩිවෝස් වෙද්දිත් සතුට සමරලා, ඒකත් කිරි ලීටර් 40 ක් නාලා[VIDEO]

Report

විවාහ වෙන විට නම් විවිධ පුද්ගලයන් කරන විවිධ ක්‍රියා ගැන කතාබහට ලක් වුණත් සාමාන්‍ය විවාහක යුවළක් දික්කසාද වන විට එවැනි කතාබහක් මතු වන්නේ නැහැ.

හැබැයි දික්කසාද වූ සතුට සැමරීම වෙනුවෙන් පුද්ගලයෙක් කිරිවලින් ස්නානය කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ ඔන්න බොහෝ දෙනෙක්ගේ අවධානයට මේ කතාව ලක් වෙලා තියෙනවා.

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

කොහොම වුණත් වාර්තා වුණ විදිහට මෙහෙම කිරිවලින් ස්නානය කර ඇත්තේ ඇසෑම්හි පදිංචි මනින් අලි නැමැති පුද්ගලයෙක්.

ඔහු තම බිරිඳගෙන් නීත්‍යානුකූලව දික්කසාද වීමෙන් පසුව තමන් දිගු කලක් බලා සිටි "නිදහස" ලබා ගත් බව පවසමින් මෙලෙස කිරි වලින් ස්නානය කරලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

එසේම ප්‍රදේශ වාසීන් සඳහන් කරන පරිදී මෙම යුවළ ඔවුන්ගේ විවාහය නීත්‍යානුකූලව අවසන් කිරීමට තීරණය ගැනීමට පෙර ඔහුගේ බිරිඳ අවස්ථා දෙකක දී අනියම් පෙම්වතා සමඟ පළාගොස් ඇති බව පවසනවා.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

ඒ අනුව නීත්‍යානුකූලව දික්කසාද වූ පසු ඒ සතුට සැමරූ ආකාරය මොහු විසින් තම සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරලා තියෙන්නේ වීඩියෝපටයක්ද සමඟින්.

ඒ සටහන පහතින්,

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

"දික්කසාදය අවසන් කර ඇති බව මගේ නීතිඥවරයා ඊයේ මට දැනුම් දුන්නා, ඉතින්, අද මම මගේ නිදහස සැමරීමට කිරිවලින් ස්නානය කරනවා,"

මෙසේ සඳහන් කරමින් ඔහු කිරි ලීටර් 40ක් ස්නානය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍යට එක්කර ඇති අතර එය මේ වන විට සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙනවා.

තවත් බිහිසුණු අනතුරක්, බස් රථයක ගැටී තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

තවත් බිහිසුණු අනතුරක්, බස් රථයක ගැටී තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට