රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් - තහනම් නියෝග සමඟ රියදුරන්ට දින 14ක සහන කාලයක්
වැල්ලවාය සහ ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ මෝටර් රථ පරීක්ෂක නිලධාරීන් එක්ව රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමකින් රියදුරන් 24 දෙනෙකුට විරුද්ධව තහනම් නියෝග ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම මෙහෙයුමේ දී අමතර කොටස් සවිකර ධාවනය කළ රථවාහන සහ අබලන් ආකාරයෙන් ඇති වාහන පරීක්ෂාවට ලක්කර ඇති බව සඳහන්.
එසේ අබලන් වී ඇති අඩුපාඩු සහිත වාහන ධාවනය කළ සහ විවිධ අමතර කොටස් සවිකර ධාවනය කළ රථ වාහන විසිහතරක රියදුරන් විසිහතර දෙනෙකුට මෙසේ තහනම් නියෝග පනවා ඇති බව පවසයි.
එමෙන්ම අඳාළ රියදුරන්ට දින දාහතරක් ඇතුළත එම වැරදි නිවැරැදි කිරීමට කාලය ලබා දී ඇති අතර එසේ නොමැති රියදුරුන්ට අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතව ඇති බව සඳහන්.
මේ දිනවල මත්පැන් හා පැණිබීම බොන අයට මාරාන්තික අනතුරු ඇඟවීමක් - සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ඇඟ හිරි වැටෙන දැනුම්දීමක්