බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි..23ක් මරුට.(PHOTOS)
බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් පේරු රාජ්‍යයේ පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුරින් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
බස් රථය අඩි 656 පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ දී එහි පුද්ගලයින් 40කට අධික පිරිසක් සිට ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මේ අතර, මැල්සිරිපුර, පන්ලියද්ද ප්‍රදේශයේ දී සුඛෝපභෝගී බස් රථ දෙකක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වනවා.
මැල්සිරිපුර පොලිසිය සඳහන් කළේ, මෙම අනතුර අද (17) අලුයම 2.00ට පමණ සිදුව ඇති බවයි.
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් සහ කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් මඩකලපුව බස් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.