අද 10.30 ට මේ අයට රාජ්‍ය සේවයෙන් රැකියා - අනිද්දා සිදු වන දේ ගැනත් දන්වයි
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර 228ක් දෙනෙකු වෙනුවෙන් පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) දින පෙරවරු 10.30 ට ශ්‍රී ලංකා පදනම ආයතනයේ දී සිදු කිරීමට නියමිතව ඇත.
මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයකට පසු ඉකුත් 04 වන දා සෞඛ්‍ය කාර්ය සහායක ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගනිමින් බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායක පළමු කණ්ඩායම වශයෙන් 627 දෙනෙකුට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ප්‍රදානය කළා.
ඒ අනුව ඉතිරි සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම් කාණ්ඩ කිහිපයක් යටතේ ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන අතර, ඒ අනුව එළඹෙන ජුලි 18 දින සෞඛ්‍ය කාර්ය සහායක 600 ක්, අගෝස්තු 01 දින සෞඛ්‍ය කාර්ය සහායක 762 ක් සඳහා පත්වීම් ලබාදීමට කටයුතු සුදානම් කර ඇත.
එසේම ඉදිරි දෙසතිය තුළ ඩෙංගු මර්දන සහායක 295 ක් සහ සුළු සේවා පාලක 121 ක් සඳහා වන පත්වීම් ප්‍රදානය කිරිමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට සහ රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීමටත්, රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා බිඳ වැටීමකින් තොරව පවත්වා ගෙන යාමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සැලසුම් සහගත වැඩපිළිවෙලක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇත.