තෙල් නිසා දැවැන්ත අර්බුදයක් - ජාතික විදුලි පද්ධතිය මුළුමනින්ම බිඳ වැටීමත් සමඟ කියුබාවම අඳුරේ

Report

කියුබාවේ ජාතික විදුලිබල පද්ධතිය බිඳ වැටී තිබෙන අතර, දින 10 කටත් අඩු කාලයක් තුළ දිවයින තුන්වන වරටත් රට පුරා විදුලිය විසන්ධි කිරීමකට ලක් කර ඇති අතර ආසන්න ලෙස මිලියන 10 ක ජනතාවකට විදුලිය අහිමි වී ඇති බව සඳහන්.

ඒ අනුව මෙය සති දෙකකටත් අඩු කාලයක් තුළ එරට විදුලි පද්ධතිය මුළුමනින්ම අක්‍රිය වූ තෙවැනි අවස්ථාව බව බලධාරීහු තහවුරු කරයි.

රාජ්‍ය විදුලි සමාගමක් වන UNE ට අනුව, අඟහරුවාදා දේශීය වේලාවෙන් පෙ.ව. 11 ට පමණ (GMT 15:00) රටේ මුළු විදුලිබල පද්ධතියම විසන්ධි වූ විට, මෙම බිඳවැටීම ආරම්භ වී තිබුණා.

මේ අතර කියුබාවේ බලශක්ති හා පතල් අමාත්‍යාංශය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ, "විදුලි පද්ධතියේ සම්පූර්ණ විසන්ධිවීමක් සිදුවී තිබෙනවා,"යනුවෙන්.

සුළු මොහොතකට පෙර ජූලි 16 දිනය පුරා වලංගු නිවේදනයක් - මේ පළාත්වලට විශේෂයි

සුළු මොහොතකට පෙර ජූලි 16 දිනය පුරා වලංගු නිවේදනයක් - මේ පළාත්වලට විශේෂයි

කියුබාව දශක ගණනාවකට පසු දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දෙන විට, එක්සත් ජනපදය විසින් පනවන ලද තෙල් සම්බාධක හේතුවෙන් එම තත්ත්වය තවත් උග්‍ර වී ඇත.

එමඟින් ඉන්ධන හිඟය උග්‍ර වී දිවයිනේ පවතින බලශක්ති පද්ධතිය එය බලපා ඇති බැවින් මෙසේ විදුලිය විසන්ධි වීම සිදු වේ. වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ බලයෙන් ඉවත් කිරීමෙන් පසු ජනවාරි මාසයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අවහිරය පැනවීය.

ජූලි 16 මේ ලග්නවලට සුබ අසුබ වෙන්නේ මෙහෙමයි - රටම හෙව්ව පලාපල විස්තරේ

ජූලි 16 මේ ලග්නවලට සුබ අසුබ වෙන්නේ මෙහෙමයි - රටම හෙව්ව පලාපල විස්තරේ

එසේම කියුබාවේ හෝල්ගුයින් පළාතේ පිහිටි ජනන යන්ත්‍රයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලි බිඳවැටීම සිදුව ඇති බව එරට බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. කෙසේ වෙතත් විදුලිය නොමැති වීම නිසා කියුබාවේ ජන ජීවිතය මුළුමනින්ම අඩාල වී තිබේ.

පොදු ප්‍රවාහන සේවා නතර වී ඇති අතර, රෝහල්වල සිදු කිරීමට නියමිතව තිබූ සැත්කම් දස දහස් ගණනක් අවලංගු කිරීමට බලධාරීන්ට සිදු විය.

මීට අමතරව ජලය සැපයීම, අන්තර්ජාලය සහ දුරකථන සේවා ද දැඩි ලෙස බාධාවට ලක්ව තිබෙනවා.   

දුම්රියේ ගමන් කරන අයට විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක වන පරිදි මේ දුම්රිය ස්ථාන වසා දමයි

දුම්රියේ ගමන් කරන අයට විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක වන පරිදි මේ දුම්රිය ස්ථාන වසා දමයි

දඹදිව වන්දනාවේ යන්න බලන් හිටපු අයට නරක ආරංචියක් - මේ වීසා පහසුකම් නතර වෙයි

දඹදිව වන්දනාවේ යන්න බලන් හිටපු අයට නරක ආරංචියක් - මේ වීසා පහසුකම් නතර වෙයි