හෙට මේ මේ ප්‍රදේශවලට පැය 22ක ජල කප්පාදුවක්

Report

ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසන පරිදි මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ හෙට (08) පෙරවරු 6.00 සිට පසුදින (09) පෙරවරු 4.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවය.

සියලුම පෙර පාසල්වලට කරන්න යන දේ මෙන්න - පෙර පාසල් දරුවන්ට මෙහෙම අකුරු ලියවන්නත් එපාලු

සියලුම පෙර පාසල්වලට කරන්න යන දේ මෙන්න - පෙර පාසල් දරුවන්ට මෙහෙම අකුරු ලියවන්නත් එපාලු

ඒ අනුව අස්ගිරිය (නගර සභා බලප්‍රදේශය), වේගිරිය, පල්ලෙමුල්ල නව / පැරණි, යටිහලගල, කොණ්ඩදෙණිය, රජපිහිල්ල සේවා ජලාශය, මැදවල (පැරණි )සේවා ජලාශය යන ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත වේ.

එමෙන්ම කහවත්ත, කුරුගොඩ, බුලුගොහොතැන්න, ගිරාකඩුව, කහල්ල, තෙලඹුගහවත්ත, නුගවෙල, බලනගල, මැදවල (නව) සේවා ජලාශය, ගලගෙදර, මාවතගම යන ප්‍රදේශයේ සඳහා ද මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

කෙසේවෙතත් ජල සැපයුම අත්හිටුවීමෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන බවත් අරපිරිමැස්මෙන් එබැවින් ජලය පරිභෝජනය කරන ලෙසත් ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටී.

හබරණ–පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ දරුණු අනතුරක්

හබරණ–පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ දරුණු අනතුරක්