හබරණ–පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ දරුණු අනතුරක්

Report

අද (07) උදෑසන හබරණ–පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ, මින්නේරිය නගරය ආශ්‍රිත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

මින්නේරිය පොලිසිය සඳහන් කළේ, මෙම අනතුර කුඩා ලොරි රථයක් සහ කන්ටේනරයක් සහිත ලොරි රථයක් ගැටීමෙන් සිදුව ඇති බවය.

අනතුර සිදූ කාලයේ, කන්ටේනරය සහිත ලොරි රථය මාර්ගයේ අයිනේ නවතා රියදුරා වෙළඳසැලකට ගොස් සිටි අතර, පිටුපසින් පැමිණි කුඩා ලොරි රථය එයට හඩුනාගොස් අනතුර සිදුවී ඇත.

සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - අද රාත්‍රී 11 දක්වා වලංගුයි

සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - අද රාත්‍රී 11 දක්වා වලංගුයි

අනතුරෙන් කුඩා ලොරි රථයේ රියදුරු සහ රිය සහායකයා තුවාල ලබා, පළමුව හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කර, පසුව පොළොන්නරුව මහ රෝහලට මාරු කරන ලදී.

ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කන්ටේනරය සහිත ලොරි රථයේ රියදුරා මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

වසර හතරක් තිස්සේ කුණු වුණු මළසිරුරු- අපරාධ කල ජෝඩුව කොටුවෙයි

වසර හතරක් තිස්සේ කුණු වුණු මළසිරුරු- අපරාධ කල ජෝඩුව කොටුවෙයි