ලෝක කුසලානයේ සුපිරි කාණ්ඩායම් 08 මෙන්න..පළමු තරගය අද ඇරඹේ..

Report

2024 පන්දුවාර 20යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි අට දෙනාගේ තරඟ වටයේ පළමු තරඟය අද දිනයේ පැවැත්වෙනවා.

ඒ, මෙවර තරඟාවලියේ සම සත්කාරක කණ්ඩායම වන අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් දෙක අතරයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සති කිහිපය තීරණාත්මකයි..ජනපතිගෙන් දැනුම්දීමක්..

ශ්‍රී ලංකාවේ ඉදිරි සති කිහිපය තීරණාත්මකයි..ජනපතිගෙන් දැනුම්දීමක්..


මෙවර තරඟාවලියේ මූලික වටයේදී කාණ්ඩය නියෝජනය කළ අමෙරිකානු කණ්ඩායම එම වටයේ තරඟ හතරෙන් දෙකක් ජය ගත් අතර එක් තරඟයකින් පරාජයට පත් වීමට සිදු වුණා.

තවත් තරඟයක් අවසන් වුණේ විසඳුමකින් තොරවවීම ද විශේෂත්වයක්.

ඒ අනුව, ප්‍රසාද ලකුණු 5ක් හිමිකරගෙන අමෙරිකානු කණ්ඩායම කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් වෙමින් සුපිරි කණ්ඩායම් අට අතරට තේරී පත් විය.

ඒ, එම කාණ්ඩයෙන් තරඟ කළ ප්‍රබල පකිස්තාන කණ්ඩායමේ ලෝක කුසලාන ගමනටද තිත තබමින් වීමද විශේෂත්වයක්.

ලබන බදාදා දිවයින පුරා පාසල් වැසෙයි?..සාමාන්‍ය පෙළ සිසුන්ටත් රතු එළියක්..

ලබන බදාදා දිවයින පුරා පාසල් වැසෙයි?..සාමාන්‍ය පෙළ සිසුන්ටත් රතු එළියක්..


දකුණු අපිකානු කණ්ඩායම මෙම තරඟාවලියේ පළමු වටයේදී A කාණ්ඩයෙන් තරඟ කළ අතර සහභාගී වූ තරඟ 4ම ජය ගැනීමට සමත් වුණේ එම කාණ්ඩයේ අපරාජිතව පෙරමුණ ගනිමින්.

ඒ අනුව ඔවුන් සුපිරි අට දෙනාගේ වටයට තේරී පත් වුණේ A කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගනිමින්.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතව තිබේ.

මේ අනුව, පළමු කාණ්ඩයේ කණ්ඩායම් ලෙස නම් කර තිබෙන්නේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයයි.

එමෙන්ම, දෙවන කාණ්ඩයේ කණ්ඩායම් ලෙස දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, එක්සත් ජනපදය නම් කර ඇත.

ජූනි 29 සිදුවන විශාල විනාසයක් ගැන අනතුරු ඇඟවීමක්..ප්‍රබලයෙකුගෙන් අනාවැකියක්..

ජූනි 29 සිදුවන විශාල විනාසයක් ගැන අනතුරු ඇඟවීමක්..ප්‍රබලයෙකුගෙන් අනාවැකියක්..


මේ අනුව එක්සත් ජනපදය සහ ඇෆ්ගනිස්ථානය සුපිරි 08 දෙනාගේ වටයට තේරීපත්ව තිබීමද විශේෂත්වයක්.

තවද ප්‍රබල පාකිස්ථානය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම ලෝක කුසලානය අහිමිව ගියා.