වැය කළ හැකි උපරිම මුදල මෙන්න මේ ගාණයි.. එකවරම අති විශේෂ ගැසට්ටුවක් එළියට..
ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්ද දායකයෙක් සඳහා වැය කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, එක් ඡන්ද දායකයෙකු සඳහා වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් වේ.
ඒ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.
ඒ අනුව 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ තුන්වන වගන්තිය යටතේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයෙකු විසින් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැයකළ යුතු වියදම් සීමාව ලෙස විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
සියලු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කර මෙම වියදම් සීමාවන් තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.
එමෙන්ම, මැතිවණ කොමිසම විසින් තීරණය කරනු ලබන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කරන්නේ නම් එය නීතිවිරෝධි ක්‍රියාවක් වේ.
කෙසේ වෙතත්, අදාළ මැතිවරණ නීතිය යටතේ ඡන්ද අපේක්ෂකයාට දඬුවම් කළ හැකි බව එම කොමිසම පසුගියදා නිවේදනය කළේ ය.