ඩෙංගු රෝගීන්ගෙන් 20%ක් පාසල් දරුවන්.

Sri Lanka Dengue Prevalence in Sri Lanka Death Sri Lankan Schools
By Hashini Sep 04, 2023 03:45 AM GMT
Hashini

Hashini

Report

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් 20% ක් පාසල් දරුවන් බවයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ , වර්ෂාවත් සමඟ මදුරු ඝණත්වය වැඩිවීමේ අවදානමක් පවතින බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අදාළ රජයේ රෝහල් මේ වනවිට නම් කර ඇති බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ හඳුනාගගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,029 ක බස්නාහිර පළාතෙන් වැඩිම රෝගින් වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යාව 30,271 කි.

ඩෙංගු මරණ සංඛ්‍යාව 38 ක් පමණ වසරේ මේ දක්වා වාර්තා වී තිබෙනවා. 

ReeCha