වියානා ඇළ මත මෙගාවොට් 05ක සූර්ය බල නියමු ව්‍යාපෘතියක්

Report

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ මෙරට ප්‍රථම 'Canal-Top Solar' නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ශක්‍යතා අධ්‍යයන සහ ඉදිරි කටයුතු කඩිනමින් සිදු කිරීමට රජය අවධානය යොමු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

පාසල් ළමයින්ගේ බෑග් බරට අගමැතිනියගෙන් විසඳුමක්- 2027 සිට 6 වසරට අලුත්ම මොඩියුල ක්‍රමයක්

පාසල් ළමයින්ගේ බෑග් බරට අගමැතිනියගෙන් විසඳුමක්- 2027 සිට 6 වසරට අලුත්ම මොඩියුල ක්‍රමයක්

අමතර භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමකින් තොරව පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින මෙම ව්‍යාපෘතිය සඳහා ජූලි 20 වන දින සිදුකළ මූලික ක්ෂේත්‍ර නිරීක්ෂණයේදී හඳුනාගත් කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

කිලෝමීටර් 20කට අධික දිගකින් යුතු වියානා ඇළ වසරේ වැඩි කාලයක් ප්‍රශස්ත සූර්යාලෝකයක් ලබන බැවින් මෙම ව්‍යාපෘතිය සඳහා ඉතා සුදුසු ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව පළමු අදියර ලෙස වියානා ඇළේ කිලෝමීටර් 5ක කොටසක් සූර්ය පැනල මගින් ආවරණය කර මෙගාවොට් 05ක විදුලි ධාරිතාවක් ජනනය කිරීමට යෝජිත බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරයි.

මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරියේදී දිවයිනේ අනෙකුත් සුදුසු ඇළ මාර්ගද මෙවැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා යොදාගැනීමට නියමිතය.

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් වැදගත් නිවේදනයක් - දිස්ත්‍රික්ක රැසකට වැසි හා අකුණු අනතුරු අඟවයි

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් වැදගත් නිවේදනයක් - දිස්ත්‍රික්ක රැසකට වැසි හා අකුණු අනතුරු අඟවයි

මෙම සාකච්ඡාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතා ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් එක්ව සිටියහ.